අගාර්වුඩ් / ගයිරිනොප්ස් වල්ල

ශ්‍රි ලංකාවේ ගෙවතු වල හා තෙත් කලාපයේ වැවෙන් ශාකයක් වන වල්ලපට්ටා ශාකය පිළිබදව මැතක් වන තුරුම එතරම් ජනතා අවදනයක් යොමු නොවි තිබිණි. එහෙත් දැන් දැන් එය පිළිබදව පුවත් නිතර පල වේ. එයට හේතුව මෙම ශාකයේ ඇති අගාර්වුඩ් නැමැති මැලියම් ලබා ගැනිමට ඇතැමුන් මෙම ශාකය නිතිවිරොධි ලෙස පිටරට යැවිමට උත්සාහ කරන නිසාය. මේ නිසා මෙම ශාකය වර්තාමනයේ ඉතා ප්‍රසිද්ධියක් උසුලන ශාකයක් බවට පත් වි තිබේ.

මෙම ශාකයෙන් අගාර්වුඩ් නැමැති මැලියම් විශේෂයක් ලබා ගත හැකි බව මැත කාලයේ සොයාගෙන තිබේ. එම මැලියම් භාවිතා කොට ඉතා වටිනා සුවද විලවුන් නිපදවනු ලබන අතර එම නිසා විදේශයේ මෙම ශාකය සදහා විශාල ඉල්ලුමක් පවති.ශ්‍රි ලංකා වැසියො මෙය මැතක් වනතුරු දැන සිටියේ නැත. වල්ලපට්ටා ශාකයේ අගාර්වුඩ් නැමැති මැලියම් විශේෂයක් ලබා ගත හැකි බව ජාත්‍යන්තර විද්‍යඥයන් පවා නොදැන සිටිබව  පේරාදේණිය සරසවියේ ජෛව විවිධත්ව විද්‍යඥ ආචාර්ය සමන්ත ප්‍රනාන්දු මහතා පැවැසිය.එහෙත් මෙම ශාකය පිළිබදව ජාවාරම් කරුවන්ට නම් රහසක් නුවු බවට හෙතෙම වැඩි දුරටත් පැවසිය.


වල්ලපට්ටා ශාකය නිතිවිරොධි ලෙස කපා ප්‍රවහනය කරන බවට මුල් වරට වාර්තා වුයේ 2014 වසරේ මුල් භාගයේය.ඒ කලවානෙදි ඉන්දියානු ජාතිකයේක් වල්ලපට්ටා කොටු කපා මල්ලක දමාගෙන යද්දි වන සංරක්ෂක නිළධාරින්ට හසුවිමත් සමගය.

වල්ලපට්ටා ශාකය නිතියෙන් ආරක්ෂිත ශාකයක් නොවන අතර එහෙත් ඒවා අනවසරයෙන් රට පැටවිම තහනම්ය.

ගයිරිනොප්ස් වල්ල යන උද්භිත නාමයෙන් හදුන්වන වල්ලපට්ටා ශාකය ශ්‍රි ලංකාවේ විවිද පළාත් වල වැවෙන අතර ඒවා විවිධ ඖෂධිය ගුණයන්ගෙන් යුක්ත වේ.ඇක්ව්ලේරියා ගණයට අයත් මෙම ශාකය බහුල වශයෙන් වැවෙන්නේ ඉන්දුනිසියාව, මලයාසියාව හා චිනය යන රට වලය

 මෙම ශාකයේ සියලුම ශාක වල වෙළදපොළ වටිනාකමක් නොමැති අතර වටිනාකමක් තිබෙන්නේ මොරාගිය වල්ලපට්ටා ශාකවල කදන් හා මුල් වල පරපොශිත දිලිරයක් හටගන්නා අතර.අගාර්වුඩ් මැලියම් සැදෙන්නේ මෙම දිලිර හටගත් පසුව මෙම දිලිර ආසාදනය තුරන් කිරිමට ස්වාභාවයෙන්ම ශාකයේ මැලියම් වර්ගයක් හට ගනි. අගාර්වුඩ් වනුවෙන් හදුන්වන්නේ එම මැලියම් විශේෂයයි.එම මැලියම් මිරිකා වෙන්කර ගත් විට එය තෙල් බවට පත්වන අතර ඉන් මිහිරි සුවදක් නිකුත් කරයි.ශ්‍රි ලංකාවේ බහුල ලෙස තිබේන ගයිරිනොප්ස් ශාකයේ මෙම මැලියම් සුලබ බව කලින් දැන සිටියේ නම් එයින් ශ්‍රි ලංකවේ ද සුවද විලවුන් කර්මාන්තය ආරම්භ කිරිමට හැකිව තිබු බව ආචාර්ය සමන්ත මහතා පැවසිය.

වද වි යාමේ තර්ජනයට ලක් වි තිබේන මෙම ශාකය ආරක්ෂා කිරිමට නිති සම්පාදනය කරන බවට වනජීවි සංරක්ෂණ දෙපර්තමෙන්තුව සදහන් කරයි


උපුටා ගැනිම ලංකාදිප පුවත්පතින්



No comments: