වර්තමානය වන විට කිඹුල් හුනා කිවුවාහම නොදන්නා කෙනෙක් නැති තරම්. ඒ මැත කාලයේ පුවත් පත් වල හා මාධ්‍යය වල පල වු පුවත් නිසාය. මෙම කිඹුල් හුනාන් සදහා විදේශ වෙලෙද පොලේ විශාල වටිනාකමක් තිබෙන බව මත පල වේ. මෙයට හේතුව කිඹුල් හුනාන් ලග තබා ගත් පුද්ගලයන් සිදු කර ඇති ප්‍රකාශ නිසාය. මෙසේ අල්ලාගත් සැක කරුවන් ප්‍රකාශ කර තිබුනේ මෙම සතුන් ලග තබා ගෙන ඇත්තේ රුපියල් ලක්ෂ 10 කට විකිණිමට බවය. කෙසේ නමුත් ඔහුන්ගෙන් එම සතුන් මිල දි ගැනිමට බලාපොරොත්තු වු පුද්ගලය මෙම සතුන් මිලදි ගැනිමට නොපැමිණි අතර ඒ වෙනුවට ඔහුන්ට සිදු වුයේ පොලිස් අත් අඩංගුවට පත් විමයි.ඉන් පසු මැතකදි බොහො පිරිසක් මෙසේ විකිනිමට කිඹුල් හුනාන් ලග තබාගෙන සිටිය දි පොලිස් අත් අඩංගුවට පත් විය.
මෙහි දි පැන නැගෙන ගැටලුව නම් කිබුල් හුනාන් සදහා විදේශ වෙළද පොළේ මෙතරම් ඉල්ලුමක් තිබෙද යන්න හා මෙම සතුන් සදහා විදේශයේ මේ තරම් වටිනාකමක් තිබේ ද යන්නයි. කිඹුල් හුනාන් සදහා විදේශ වෙළදපොලේ මේ තරම් අධික වටිනාකමක් නැත. විදේශ වෙළද පොළේ හුනාන් හා විවිධ සතුන් සදහා ඉල්ලුමක් පවති. ඒ ඔවුන් එම සතුන් සුරතල් සතුන් ලෙස ඇති කරන නිසාය. අනෙක් හේතුව විදේශ සත්ව උද්‍යන මගින් මෙම සතුන් මිලදි ගන්න නිසාය. නමුත් මෙම සතුන්ගේ ජාන ලබා ගැනිමට යොදා ගන්නා බව මැත කාලයේ විවිධ මත පල විය. එහෙත් එය අසත්‍ය මතයකි.
ඔබ ඇමරිකාව හො යුරොපා රටක සිටි නම් මෙම කිඹුල් හුනෙකු හො ඔබට අවශ්‍ය සතෙකු අන්තර්ජාලය හරහා නිවසටම ගෙන්වා ගත හැක. කිඹුල් හුනෙකුගේ මිල එහි සදහන් වන්නේ ඩොලර් 24 ක් වෙනි සුළු මුදලකටය. එනම් රුපියල් 3160. එසේ අඩු මුදලට මිලදි ගැනිමට පවතින විට රුපියල් ලක්ෂ 10 ක් හො වැඩි මුදලක් ලබා දි මෙසේ මිලදි ගැනිමට විදේශකයන් ලංකාවට නොපැමිණේ.
අන්තර්ජාලයේ කිඹුල් හුනෙකුගේ මිල දැන ගැනිමට
අන්තර්ජාලයේ කිඹුල් හුනෙකුගේ මිල දැන ගැනිමට
එසේ නම් මෙමගින් පෙනි යන්නේ මෙලෙස විශාල මුදලක් දි මිලදි ගැනිමට සත්‍ය ගැණුම් කරුවන් නොමැති අතර මිල දි ගන්නා ගැණුම් කරුවෙක් ලෙස පෙනිසිට විකුණුම් කරුවා නිතියේ රැහැනට හසු කරන වංචානික පුද්ගලයන් සිටින බව පෙනි යයි.එම නිසා මෙලෙස වංචනික ගැණුම් කරුවන්වට හසු නොවන ලෙස පොලිසිය ප්‍රකාශ කර සිටි.මෙලෙස විශාල වටිනාකමක් ලබා දි මෙම සතුන් මිලදි ගන්නට විදේශිකයන් මෙරටට නොපැමිණේ.
ඔබ කිඹුල් හුනෙකු ලග තබාගෙන හෝ විකිණිමට තැත් කිරිම නිතියට අනුව වරදකි. එලෙස ලග තබාගෙන පොලිස් අත් අඩංගුවට පත් වුවහොත් සිර දඩුවම් සමග විශාල දඩ මුදලක් ගෙවිමට සිදු වනු ඇත.
No comments:
Post a Comment